ශෝකය තනි යායක්
හොවැංහෝ...
නුඹේ රොන්මඩ වතුරේ
කරවටක් ගිලෙමි මා
මා පයට වැලි නොදැනේ
පා පයට සුව නොදැනේ
මා පය මඩ මත වැතිරෙනු දැනේ
හොවැංහෝ...
චීනයේ මහා ශෝකය
එක ම ගඟකට දෙවරක්
බැසිය නොහැකිය එක් වරක්වත්
හෙරක්ලීටස්, ගෞතම
බුද්ධ
නුඹේ හඬ ඇසේ මට
ගිලෙමි මා
හොවැංහෝ...
මම ද වැංගෝ
අහසෙ තරු දිලෙනව
යායට තිරිඟු පීදිල
කුරුල්ලෝ ඉගිලෙනව
කලිසම් සාක්කුව තුළ සුරැකිව
පිස්තෝලෙ නිදිවරනව
දැන් වතුරෙ කහ පාට
ගුරට හැරෙමින් එනව
නදී නුඹ ගලනව සිකුරුයි
මං කොහොම බේරෙන්නද?
හෙරක්ලීටස්, ගෞතමත්
ගිලෙනව
හොවැංහෝ...
මමයි වැංගෝ
නුඹයි චීනයෙ ශෝකය
චීනය තමයි මගේ ශෝකය
එකට මුහු කර ලෝකය
කරමු තනි යායක් ශෝකය
…මරණින් මතු ලියමි…
ගලා අවසන් වූ පසු දෙගොඩ
සරු ම රොන්මඩ රැඳෙනු ඇත ගොඩ
නැතත් නිල් අයිරිස් මල් පඳුරු
රඳවන්න ඒ මත දම් වරා දඬු
_________________
◼කේ.ඩී. දර්ශන
◼සිතුවම්
MA Yuan (The yellow river breaches
its course)
Vincent van gogh ( Self-Portrait )
Vincent van gogh ( Irises)
Niyamai
ReplyDeleteTnk u akke
Delete👌👌
ReplyDelete