කාලයේ ගල් ලෙන
ඉපැරණි චිත්‍ර නොපෙනෙන
හද පතුල කොනිහන
ගුප්ත සුවඳින් පිරි
විලඳ මී පැණි ගැවසි
ලෙන තුළට වනිමි මම...
රැස් වළලු මැද බුදුන්
අඳුරේ ම වැඩ හිඳින
ගුහා අඳුරට ඇදෙමි...
පිවිසි කල ගැබ තුළට
මලසුන මත ගොළුව
යන්තමින් පෙති ඇරුණු
අඳුරු ගුලිවන් නෙළුම්
සිහින් ලෙස සිනාසෙයි
මහ ලෙනේ ගිරි තල්ල
මුදුව සිපගෙන වැටෙන
දිය බිංදුවක හඬ
බෂෝගේ මැඩියා කැඳවයි
පොකුණක් නැත එතුළ
කොළපාට මල බැඳුණු
තඹවන් පැරණි ලාහක
පෙමින් දැවටෙයි ඒ බිඳු
කාලයේ ගල් ලෙනක
මල බැදුණු තාලියක
සොඳුර නුඹ ගැන මතක
සංසාර සක සේම
නොකඩවා කරකැවෙයි
නින්නාද වන බිංදු
මැද මැවෙන ගොළු මොහොත
මගේ හද සෙල්මුවා
තපස්වරයෙකු කරයි
දඹුලු ගිර මත හිඳම
උදාගිර හැරයමී
අවරගිර අමතමී
සංසාර හිස්කමට
බෂෝ නුඹ කැඳවමී
-කේ.ඩී. දර්ශන-
❤
ReplyDeleteස්තූතියි!
Delete