06. වින්දිතයින් පෙනී සිටිය යුතු ම ය. (රැග් ගැන කරුණු 5ක්)
#උපසංස්කෘතියදඋසසංස්කෘතියද? #
-කේ.ඩී.දර්ශන-
නවකවද කථිකාව මුහුණු පොතේ යට යමින් තිබේ. තවත් කාලයකට
පසු අහිංසකයෙකුගේ මරණයකින් හෝ පහර කෑමකින් නැවත උඩ එනු ඇත. තොරණ් මෙන් නිවි නිවී
දැල්වෙන නවකවද ප්‍රශ්නයට තවත් අල්ලා සිටීමට ඉඩ දීම නුවණට හුරු නැත. ඊට හේතු
කිහිපයකි.
1.නවකවදය ප්රතිගාමී
බුද්ධිමය සංස්කෘතියක් නිර්මාණය කරයි.
2.නවකවදය බය-පක්ෂපාතී
පුරවැසියන් බිහි කරයි
3.නවකවදය
කාඩ්බෝඩ් වීරයන් බිහි කරයි.
4.නවකවදය
ලංකාවේ මුග්ධ පාලකයන්ට මුග්ධ රාජ්‍ය සේවක ධූරාවලියක් බිහි කරයි
5.නවකවදය වම
හා මාක්ස්වාදය සාවද්‍ය අර්ථකථනවලට බඳුන් කර න්‍යාය ගණිකා වෘත්තියේ යොදවයි.
මේ කාරණා පහ කෙරෙහි නවකවදය සෘජුව හා වක්‍රව
බලපෑම් කරන බව අප පිළිගත යුතුය.
ලංකාවේ ඉතා අලස රාජ්‍ය සේවයට අපි සරසවියේ දී බැනවදිමු. එහෙත් උපාධිය ගෙන රාජ්‍ය සේවයට පැමිණි කල පැය
අටේ රස්සාව නිම වී අමතර පැයක් හෝ සිටීමට අකමැතිය. අද කළ යුත්ත හෙටටත්, අනිද්දාටත්
දැමීම මේ උප සංස්කෘතිය ආරක්ෂා කළ රැඩිකලුන් විසින් ම නොකරන්නේ යැයි උපකල්පනය කළ
හැක්කේ කාටද?
ප්‍රශ්න කිරීමට නොහැකි, නිතර ම ඉහළ ඕඩරය
පිළිගන්නා පොලිසියක, හමුදාවක ස්වරූපයෙන් නවකයන් තැනීම නවකවදයේ මූලික අරමුණයි.
එහෙයින් මේ හමුදා පුරුද්ධ ලැබූ උපාධිධාරීන් ගුරුවරුන් වූ කල නිර්මාණශීලී දරුවන්ට
කවර සෙතක් ද? කකුළුවා හරහට යද්දී පැටවුන්ට කෙලින් යාමට උගැන්වීම කතන්දරයක මිස සැබෑ
ලෝකයේ නැත.
මුග්ධ, නූගත් දේශපාලකයන්ගේ බය-පක්ෂපාතී
ඡන්දදායකයා නිර්මාණය කිරීමට ද නවකවදයට හැකියාව ලැබී ඇත. (‘රටේ ජනගහණයෙන් කීයෙන් කී
දෙනා ද කැම්පස් යන්නේ’ වැනි ගෝත කතා නොකියන ලෙස කලින් ම ඉල්ලා සිටිමි.) රටේ උගතුන් යැයි කියවෙන ඊනියා 56 ගිරවුන්ගේ සිට,
ඒ ගිරවුන්ගේ පැටව් (මා ද බැහැර නොවේ)
දක්වා පරම්පරා ගණනක උපාධිධාරීන් එළියට දමා ඇතත් තවමත් බෝධි පූජා තබන,
භාරහාර ඔප්පු කරන තොවිල් කරන පිරිත් නූල් බඳින උපාධිධාරී සෙම් රෝගීන්, උණ රෝගීන්
කොපමණ ඇත්ද?
මාක්ස්වාදයේ න්‍යායික අර්ථ ගණිකාවෘත්තියේ යොදමින්,
කනින්-කොනින් අහගත් පාඨ තෙපලන ගිරා පැටව් ශිෂ්‍ය ව්‍යාපාරයේ පදනම් න්‍යායයන් පවා
විකෘති කරමින් සිටියි. මෑතක දී අගනුවර ආසන්න සරසවියක දී අයියෙක් පොඩි මල්ලි බබෙක්ට
උගන්වන ගැඹුරු දේශපාලනික කාරණාවක් මගේ කන කොණේ වැටුණි.
“විශ්වවිද්‍යාලය කියන්නේ ධනපතියන්ගෙ ළමයි සහ නිර්ධනපංතියේ
ළමයි එක තැනදි මුණ ගැහෙන තෝතැන්නක්... එතන දි අපිට ධනපතියත් එකයි නිර්ධනයත්
එකයි....”
මම දන්න තරමින් ධනපති පංතිය හා නිර්ධන පංතිය ගැන ඒ
උත්තමයාගේ දේශනය මහල්ලා සහ මුහුද ගැන වීරවංසගේ දේශනය වැනි එකකි.
*******************************
අවසාන වශයෙන් කාරණා දෙකක් සඳහන් කරමු. පළමු වැන්න
කෙටියෙනුත්, දෙවැන්න නැවත දිගුව ලිවීමේ බලාපොරොත්තුවෙන් කෙටියෙනුත් වශයෙනි.
01. නවකවද ආරක්ෂකයින් මට නිතර කරන චෝදනාව, සරසවියෙන්
ගිය පසු නවකවදයට විරුද්ධ වනවා මිස ඇතුළේ සිටිය දී හූම් නොකී බවයි. මට සිනාසීම හැර
අන් යමක් කළ නොහැකිය. අන්ධයින් ලෙස සිටි නුඹලාට කුමක් කියන්නද? මා රාවයට ලියූ කල ජේවීපී
පත්තරවලට ලියනවා යනුවෙන් හොස්ටල් මීටින්වල මගේ නම බරු ගැසූ බව අමතකද? නවකවදය
විවේචනය කිරීම නිසා සෘජුවත්, මගේ මිතුරන් මගින් වක්රවත් තර්ජනය කළා අමතකද? (මේවා එක් අයෙකුට නොව අදාළ අයට බැවින්, සෙස්සෝ
කලබල නොවී නිස්සෝ භාර ගනිත්වා)
02. නවකවදය නැවැත්වීමට නම් එහි සළු ගැලවිය යුතුය.
එනම් වදයට ලක්වූවන් සැඟවී නොසිට පෙනී සිටිය යුතුය. වින්දිතයෝ ඉදිරිපත් නොවන තාක්
මේ වහල් ක්‍රමය (අ)දේශපාලනික රහස් උපායමාර්ගයක් ලෙස පවතිනු ඇත. නුදුරේ දී ම
වින්දිතයින්ගේ පෙනී සිටිමේ පහසුවත්, ඔවුන්ගේ ආරක්ෂාවත් ගැන සිතිය හැකි නවකවද
විරෝධී මිතුරු යාන්ත්‍රණයක් සැකසිය යුතුය. එවිට ඔවුන්ට මිත්‍රත්වයේ නාමයෙන් එහි
පැමිණිලි කළ හැකිය.
Comments
Post a Comment