05. නවකවදයට පක්ෂවුන්ගේ ලක්ෂණ තුනක්!!!

#උප සංස්කෘතිය ද? උස සංස්කෘතිය ද?# 

කේ. ඩී. දර්ශන







නවකවදය නමැති ශිෂ්ඨ සමාජයට නිගා දෙන ක්‍රියාවලියට එරෙහි අපගේ Virtual
ප්‍රකාශවලට දෙවිදියක ප්‍රතිචාර ලැබී තිබිණි. වෙනදා මෙන් පෞද්ගලික තර්ජන නොලැබිණි.

1. නවකවදය ආරක්ෂා කිරීමේ හා සාධාරණීකරණය කිරීමේ ප්‍රතිචාර
2. නවකවද විරෝධී ප්‍රතිචාර

මේ දෙකොටස තවත් වර්ග කළ හැකි නමුත් ඊට තවත් කල් අවශ්‍යය. මේ වියමනේ උත්සහාය
නවකවදයට ආරක්ෂකයින්ගේ ලක්ෂණ තුනක් පමණක් විදහා දැක්වීමයි. මේ තුනට අමතරව
විවාදයක් නැති අනුස්වාර ලක්ෂණයක් ද ඇතුළත් කළ යුතුය.

0. කිසියම් භින්න පෞරුෂ ලක්ෂණයක් හෝ ආත්මය පැල්මකට ලක් වී තිබීම.
1. ස්ත්‍රීන් පිළිබඳ දරන අදහස
2. විරෝධාකල්ප මත, සමාජප්‍රගතිශීලීත්වයට අදාළ මත පිටුපස භයානක හා අදිසි
හස්තයක් ඇතැයි යන එල්බගත් බිය
3. දොරමඩලාව සහ අටපට්ටම වර්ගයේ වැඩසටහන් නිතර බැලීම නොහොත් දේශපාලනය
යනු පක්ෂ දේශපාලනය යැයි සක්සුදක් සේ සිතීම.



පළමු අදහස අවිවාදිත හෙයින් ඒ ගැන විස්තර වර්ණනා අනවශ්‍යය.


1
පසුගිය දිනවල නවකවදයට එරෙහිව අප දැමූ අදහස්වලට ආවේගශීලීව පිළිතුරු දුන්
බොහෝ භින්න පෞරුෂ ඇත්තන් ස්ත්‍රීන් අරබයා ඉතා තදබල ප්‍රකාශ නිකුත් කොට
තිබිණි. යශොදා විමලධර්ම නම් සුවිශිෂ්ඨ රංගන ශිල්පිට ඔවුන්ගේ අශ්ශීල ආශාව සපුරන
අන්දමේ රංගනයන්හි නොයෙදෙන නිසා ඇතැමුන් ඇයට ගණිකාව යැයි අපහාස කර තිබිණි.
එසේ ම එම සංවාදයට ඉතාම සීමිතව පැමිණි ස්ත්‍රී පාර්ශ්වයට පිළිතුරු දීමේ දී ඔවුන්
භාවිත කළ භාෂාව ලිංගික හිංසනයෙන් ද යුතුය. එනම් හිංසනය දෙයාකාරයකින් භාවිත
කරනු දක්නට ලැබිණි.

ඉන් පිටතට විත් විශ්වවිද්‍යාලය තුළ ස්ත්‍රී පාර්ශ්වයට සැලකිය යුතු ආකාරය ගැන ඔවුන්
සිතන විදිය ද මීට නිදසුන්ය. ප්‍රථම වසරේ දී චීත්ත ගවුම්, දිග සායවල්, අත් නොකැපූ
හැට්ට සමඟ කරල් දෙකට ගෙතූ කොණ්ඩය සහිත ගැමි තරුණියක් යෝජනා කිරීම සිදු වේ.
එම ගැමි තරුණියගේ බාහිර ස්වරූපය හා සිතින් රමණය කරන ගමන් කිසිදු ශිෂ්‍යාවකට
කොට කලිසම් හැඳීම තහනම් කරයි. බඩු, ගණිකාවන්, වේසියන් තීරණය කිරීම සඳහා ඇඟට

හිරවූ ඇඳුම්, කොට ඇඳුම්, ලිප්ස්ටික්, මේක්අප් නිර්ණායකයන් ලෙස භාවිත වේ. එසේ ම
තමාව හඳුන්වා දීමේ දී සෑම නවකයෙක්ම පවුලේ ප්‍රධානියා ලෙස පියා නම් කිරීම
අවශ්‍යමය. ‘ගෘහ මූලිකයා නම් පියා’ ය වශයෙන් නොකීම තවත් වදයට පත් වීමට
හේතුවකි.

මේ වන තෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය සඳහා ස්ත්‍රී නියෝජනයක් නොවීම මෙන්
ම පළමු වසරේ දී ස්ත්‍රී අයිතීන් උල්ලංඝනය කර “ගෑනුන්ට දේශපාලනය කරන්න අමාරුයි”
ලෙස උපකල්පනය කිරීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.



2
විරෝධාකල්ප මත, සමාජප්‍රගතිශීලීත්වයට අදාළ මත පිටුපස භයානක හා අදිසි
හස්තයක් ඇතැයි යන එල්බගත් බිය මේ සෑම අයෙක් සතුවම ඇත. ඒ නිසා නිතරම ඔවුන්,
“අඩෝ තොපිව නටවන්නෙ කවුද කියලා අපි දන්නවා”, “මල්ලි කවුද කියපන්කො උඹට
මේවට උල්පන්දම් දෙන්නෙ”, “නවකවද විරෝධය ආණ්ඩුවේ වැඩක්”, “නවක
නම්නීකරණයට විරුද්ධ ධනපතියෝ”....... ආදී පාඨ නිතර තෙපළයි. පහර දීමෙන් සහ
නොපෙනෙන වස්තූන්ට බිය ගැන්වීමෙන් ගොඩනගන අපේ රටේ ළමා පෞරුෂය (ලියන
මගේ ද ඇතුළු) අනිසි බියකින් සදාකාලිකවම වසා තැබීමට ප්‍රතිගාමී දේශපාලනය නිතර
උත්සහා කරයි. ලංකාවේ ආණ්ඩු අමතන්නේ මිනිසුන්ගේ දුරුවලතැන්වලට මිස
ප්‍රගතිශීලීත්වයන්ට නොවේ. ඊට අවැසි සෑම පසුබිමක් ම විශ්වවිද්‍යාල ඇතුළු
ස්ථානයන්හි නඩත්තු වන නවකවදය විසින් නිර්මාණය කරනු ලබයි.

විමල් වීරවංශ වැනි ජාතික වීරවරයන් විසින් ද, හිංසනයට උඩගෙඩි දෙන තලෙයිබාන්
භික්ෂූන් විසින් ද සරසවිවල නවකවදකයන් විසින් ද කරන්නේ සමාන ක්‍රියාවකි. ඒ නිසා
පළමු වසරේ නවකවදයෙන් භීත ව දෙවන, තෙවන, සිව්වන වසරවල භීත කරන්නන් බවට
පත්ව කරන කාර්යය අතරතුර ඔවුන්ට එරෙහි සියලු දෙනා පිටුපසම විනාශකාරී, අදිසි
හස්තයක් සිටිනවා යන භ්‍රාන්තිය ඇතිව තිබේ. හරියට, නවකවදය පිටුපස ජවිපෙ හා
පෙසපෙ සිටි නිසා විරෝධීන් පිටුපසට එවැනි පිරිසක් ඇතැයි සිතීමයි.



3
දොරමඩලාව සහ අටපට්ටම වර්ගයේ වැඩසටහන් නිතර බැලීම නොහොත් දේශපාලනය
යනු පක්ෂ දේශපාලනය යැයි සක්සුදක් සේ සිතීම.
මේ කාරණාව තාර්කිකව සනාථ කිරීමට නිදසුන් දීම අපහසු, සාහිත්‍යමය ප්‍රකාශයක්
වන නිසා ඉතා කෙටියෙන් යමක් ලියවේ. නවකවදය ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණ
කිරීම සඳහා බොහෝ විට පැමිණෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය සඳහා ශාරීරිකව මහන්සි වූ
අයයි. ඔවුන් සරසවිවල කරන කලා උළෙල, නාට්‍ය, රාත්‍රී පෝස්ටර් ගැසීම, කැට යාම,

ස්ටිකර් විකිණීම ආදිය සඳහා බොහෝ ශ්‍රම දායකත්වය සපයා ඇත. විදග්ධව කීවොත්
අසීමිත ශ්‍රමදායකත්වය සැපයූවන්ය. ගුටි කන විදියට කීවොත් දේශපාලන වශයෙන්
මෝඩ කම්කරුවන්ය. කෙසේ වෙතත් අප කරන චෝදනාවලට ඔවුන් කිපීම බලාපොරොත්තු
විය යුතුමය. එසේ කිපීම සාධාරණය.
නිද-- කාන්තාවක් හා කුලියට රමණය කරන්නට ගිය මිනිසෙක් ඉතා වෙහෙස මහන්සි වී,
හති දමමින් ඇය හා රමණය කරයි. කෙඳිරි ගායි, ඇඳ වියලට අසීමිත පා පහර දෙයි. ධාතු
පහවී සුරතාන්තයට පත්වන පිරිමියා හති දමමින් උඩුබැලි අතට සිටින විට ස්ත්‍රියි
මෙසේ කියයි. “මොකද මේ මීටර් සීය දුවල වගේ හති දාන්නෙ.. හහ් හහ්... අලුත් පාලම
යටින් පොල්ලෙල්ලක් ගියා වගේ” දැන් පිරිමියාට ඇති වන හැඟීම කෙබඳුද? ළපටි මීවන
පත්‍රයක් සේ පුරුෂ ලිංගය ඇකිලී යාමේ ආත්ම ලැජ්ජාවට පත්වන මිනිසාගේ උපමාව ඉහත
කාරණයට සනාථ කළ නොහැකිද?

මේ සංවාදය ශාරීරික ගැටුම් සඳහා විවෘත කර ගැනීම අනවශ්‍යය.

(සියලු ඡායාරූප උපුටා ගැනීම් අන්තර්ජාලයෙනි)

Comments