නැවත කිරලා කෑ ගසයි

කේඩී දර්ශන



මුඩුබිමක වසා සිටි කිරලෙක්
පා අදියි ටිකෙන් ටික දියවල වෙත
කලින් හොඳින් තිබූ වැව සිඳී
දියවල ඔහේ උඩ බලා හිඳී

කිරල කකුල්
තබා  රුකුල්
හඬින් යකුල්
යදියි මෙකුළ්

සකල   බල  යුතු  පබල දෙවියනි
මෙකල හළ මැන සිසිල දෙවමින්
අකල    විල  මත  අතුළ    පිරිපත
උගුළ උගුළා හරිනු        දෙවියනි

කිරල කුරුලා කෑ         ගසා
කිරල සෙනඟක් අඬ      ගසා
නියර බඩවැටි අතර කිරමින්
හුන් කොකුන්වත්        කීදුවා

මේකුළු ඇවිදින්
මේකල ඇවිදින්
මේ බලපන්නේ
මේ අහපන්නේ

පෙර මුඩුබිමක වසා සිටි  කිරලා
දැන් පා අදියි මඩ වූ වැව  වෙත
කලින් සිඳුණු වැව දැන් නිල්ල ගැහී
මහවැව ඔහේ උඩ බලා හිඳී

Comments