නුඹ කවුරුද


නිල් දිය පිරි පොකුණසබ

හාත්පසම කොළ ගැන්වුණු

අහස් කුසම නිල් පැහැවුණු

දොරක් ඇරන් දොරක් වහන්

මිදුලට බට නුඹ කවුරුද

 

පොකුණු තෙරේ පාද තියන්

පොකුණු දියේ බිඳු ඉහිමින්

නුඹ මවනා සලරූ පෙළ

මුහුණු පොතම සරසවාවි

මවෙත නොඉවසිලි ගෙනේවි

 

ඉර වැටුණම එනිල් දියට

නිල් සිරි ගෙන නුඹෙ නිවසට

නිවසින් බට නුඹෙ මුහුණට

නිල් එළියක් තෑගි දේවි

 

දහස් පෙතිය මල් පීදුණු

දහස් ගණන් පැතුම් පිරුණු

දහස් වරක් පිරිමැද දුන්

රෝස පඳුරු මල් මවලද

 



නිල් දිය පිරි පොකුණු තෙරේ

මල් මවනා නුඹෙ මුහුණට 

නිල් දිය බිඳු මාලාවක් 

ඉහින්න අවසර දෙනවද

 

-KD Darshana-


Comments