තුන්වෙනි පැළය
ඔබට තෑගි දෙන්න අරං ආව
රෝස පැළ දෙක එක්ක
තුන්වෙනි පැළේකුත් ගෙනාව
මං
මිදුලෙ අයිනෙ ඇස් මානෙන්
ඉන්දවන්න
බයෙන් හිටියෙ මැරෙයි
කියල...
සතියෙන් සතියෙ දළු දදා
දළු-කොල වෙවී එයා උස ගියා
පෝර වතුර නිතර දාල
අතැර නොයන ආදරයෙන් බලාගත්ත
ඒත් හිතේ බයක් තිබුණ...
ඔන්න අලුතෙන් මේ දැං
බලද්දි
රෝස පාට ලා දළුවලට උඩින්
පුංචි පොහොට්ටුවක් එබෙනවා
අහසට
මං හිමීට පිරිමැද්දා
හිත පිරෙනව මලක් මැවිල...
-KD Darshana-
Comments
Post a Comment