යන්ත්‍රයක් වූ මිනිසා Modern Time
කේ. ඩී. දර්ශන
නූතන සමාජය මනුෂ්‍යත්වය, කාරුණික බව, සංවේදීත්වය පෑළදොරින් පන්නලා යන්ත්‍රික
බව නිවස තුළට අරගෙන. මේ තත්වය අපි හැමෝටම පොදු වුණත් සිතීම නවත්තපු මිනිසුන් භයානක
බව මතක තබා ගත යුතුයි. සිතීම වෙනුවට දිගටම වැඩ කිරීම යෝජනා වෙලා තියෙද්දි චාලි
චැප්ලින්ගෙ Modern Time සිනමාපටය නරඹන්න මඳක් නවතින්න ඔබට
ආරාධනා කරනවා.
සුපුරුදු විදියට චැප්ලින් මෙහි
පාදඩයෙකුගේ චරිතය රඟ දක්වනවා. කාත් කවුරුවත්, ගෙයක් දොරක්,
යන
දිහාවක් නැති පාදඩයා චැප්ලින්ගේ හැම සිනමාපටයකම වගේ දකින්න පුළුවන්. පාදඩයාට
සිදුවන දේවල් හා ඔහුගේ වටාපිටාව අපි පිළිබඳ බොහෝ දේ නොකියා කියන්න සමත් වෙනවා.
අනිත් කාරණේ තමයි කිසිම තරාතිරමකින් තොරව මේ සිනමාපට නරඹන්න පුළුවන්. තම තම නැණ
පමණින් තේරුම් ගන්න පුළුවන්. හැම මොහොතකම මැවෙන හාස්‍ය රසිකයන්ව ඉවතට යන්න නොදී
රැක ගන්නවා.
මිනිහෙක් වගේ විසි තිස් ගුණයක් උස
යන්ත්‍ර සූත්‍ර මැද්දෙ කූඹි වැනි මිනිස්සු නොනැවතී වැඩ කරනවා. පාදඩයා යන්ත්‍රයක්
දිගේ ඇදී යන ඇණ තද කරනවා. යන්ත්‍රයේ වේගයට සමාන වේගයෙන් මේ කම්කරුවන් වැඩ කළ
යුතුයි. එසේ නොවුණොත් තද කළ යුතු ඇණ මඟහැරී ලොක්කගෙන් බැණුම් අහන්න සිදු වෙනවා.
චැප්ලින් (පාදඩයා) මඳකට වැඩේ නතර
කරද්දි ඔහුගේ සැබෑ ස්වරූපය සම්පූර්ණයෙන්ම විකෘති වෙලා මිනිස් යන්ත්‍රයක් වෙනවා.
හිස් අත් දෙකෙනුත් ඔහු ඇණ තද කරනවා. කාන්තාවකගේ ගවුමේ තියන බොත්තමේ සිට ඉදිරියට
හමු වන සෑම සමාන වස්තුවක්ම තද කළ යුතු ඇණ ලෙසයි ඔහු දකින්නෙ. ඒ විතරක නෙවේ, අවස්ථා දෙකකදීම ඔහු යන්ත්‍රය තුළට ඇදී
යනවා.
ඊට අමතරව කම්කරුවන්ගේ කෑම වෙලාව තවත්
ඉතිරි කර ගැනීමට හඳුන්වා දෙන අලුත් යන්ත්‍රයත් මෙහි දී වැදගත්. යන්ත්‍රයේ පළමු
අත්හදා බැලීමට ලක්වන්නේ පාදඩයා. මඳ වේලාවකින් සිදු වන කාර්මික දෝෂයක් නිසා යන්ත්‍රය
අහිංසක කම්කරුවට පහර පිට පහර දෙන්න පටන් ගන්නවා. ප්‍රේක්ෂකයට බඩ අල්ලන් හිනා වෙන්න
ඉඩකඩ තිබුණත් හිනා වෙන හැමෝම හිනාවෙන්නෙ අපේම තත්වයන්ට බව අමතක කරන්න හොඳ නෑ.
Modern
Time
චැප්ලින්ගේ
හොඳම චිත්‍රපට පහෙන් එකක්. එක දෙබසක්වත් භාවිත නොවන නිහඬ යුගයේ සිනමාපටයක් වුවත් ඒ
ගැන කතා කළ යුතු දේ බොහෝමයි. මෙතැනින් නොනැවතී කතාන්දරය තවත් ඉදිරියට ගලා යනවා.
සමස්ත සිනමාපටයම තනි පිටුවට ගොනු කරන්න බැරි තරම්. ඒ තරමට Modern
Time
අරුත්බරයි, හාස්‍යජනකයි. යන්ත්‍ර විකාරෙන්
කර්මාන්ත ශාලාව පුරා දුවන පාදඩයා විවිධ ලීවර එකවර ක්‍රියාත්මක කරමින් කර්මාන්ත
ශාලාවේ ක්‍රියාවලිය අඩපණ කරනවා. කැමරා සවිකර තැනින් තැන සිදුවන දේ නිරීක්ෂණය කරමින් සිටි ආයතනික ප්‍රධානියා
සතු ටීවී තිරය පවා පාදඩයාගේ මේ විප්‍රකාර නිසා අක්‍රිය වෙලා යනවා. සමස්ත කම්හලේම
වැඩ ඇණහිටවන පාදඩයා ආරක්ෂක නිලධාරීන්ගේ ග්‍රහණයට හසුව මානසික රෝහලක් කරා යැවෙනවා.
තවත් වරෙක දී පාදඩයා අපට හමු වනුයේ
කොමියුනිස්ට් නායකයෙක් කියා වරදවා තේරුම් ගෙන සිරගත කර සිටින මොහොතක. චැප්ලින්
පොලිස් අත්අඩංගුවට පත් වන මොහොත හරිම උත්ප්‍රාසාත්මකයි. උඩින් පෙනෙන දේ විනිවිද යන
හාස්‍යයක් සහිතවයි මේ සිදුවීම වෙන්නෙ. අවධානම් සහගත බව කියාපාන රතු කොඩියක් රඳවා
ගත් ලොරියකින් එය බිමට වැටෙනවා. පාදඩය මෙය
අහුලා ගෙන ඉදිරියට යන්නේ ලොරියෙන් මෙය වැටුණු බව කීමටයි. එහෙම වුණත් පිටුපසින් ආපු
උද්ඝෝෂකයන් පිරිසක් රතු කොඩි දරා සිටින්නා පසු පස පේළි ගැහෙනවා. ඔවුන් සිතන්නේ මේ
කොඩිය ඔසවාගෙන සිටින්නේ තම නායකයා කියායි. අවසානයේ චැප්ලින් හිරයට නියම
වෙනවා. හිර කූඩුව තුළ සිදු වන සිදුවීමුත්
හරිම අපූර්වයි. මේ හැම දෙයක්ම අකුරු කරන්න අපහසුයි. සිනමාව රසවිඳීමේ හොඳම ක්‍රමය ඒ
පිළිබඳ කියවීමවත්, නැරඹූ කෙනෙක් හා කතා කිරීමවත් නොවෙයි, තමා විසින්ම නැරඹීමයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ Modern
Time
කතා
කරන්නෙ කළු-සුදු යුගයේ කතාවක් නෙවේ, අපි ජීවත් වන වර්තමානය ගැන කතාවක්. ශ්‍රමය වැගිරීමෙන් හෙම්බත් වුණු
කම්කරුවො (අපි) වැඩ නිසාම ඉබේම යාත්ත්‍රික වෙලා ඉන්න තත්වය චැප්ලින් මේ ඔස්සේ
අපූරුවට පෙන්වනවා.
Comments
Post a Comment