සමීප රූප ඔස්සේ ඡේදනයව; අත්හැර දමනු ලැබූවන්ගේ කතා
කේ. ඩී. දර්ශන
කුමාරි කුමාරගමගේගේ කෙටි කරපු දිග කතා යනු ප්‍රබන්ධ ගුණයෙන් සපිරිවරාගත් හද කකියවන සත්‍ය කතාන්දරයන්ය. කතුවරිය ම කියන පරිදි ඒවා අත්හැර දැමූවන් පිළිබඳ කතාය. මඟ හැරුණු කතාය. එහෙයින් මේ වෙත ඇදී එන කවර පාඨකයෙක්ට වුවත් සැහැල්ලු යථාර්ථයෙන් මිදී බර යථාර්ථය වෙත පිවිසෙන්නට සිදු වනු ඇත. අධිපති මතවාදයේ ඒකමානීය කියවීම් ශෛලිය හා අතහැර දැමූ කතාවන්ගේ දෘෂ්ටිකෝණය සමඟ ඝට්ටනය වීමට ද සිදු වනු ඇත.
යට සඳහන් කළ ලෙසින් මේ කෘතිය භාවපූර්ණ සාහිත්‍ය කෘතියක් ලෙස අගය කළ හැකිය. එකිනෙකට අසම්බන්ධිත, එහෙත් සම්බන්ධිත කතා පහළොවක් කෙටි කරපු දිග කතා කියවන්නාට හමු වෙයි. වර්ගවාදී ම්ලේච්ඡ යුද්ධයක අතුරු පුවත් වශයෙන් දිගහැරෙන මේ කතා සියල්ල යුද්ධයේ තුච්ඡ බව විදාරණය කරයි. පසුගිය අවුරුදු කිහිපය තුළ ඊනියා මාධ්‍ය සහ කලාකරුවන් එක්ව ගොඩනැගූ සිංහල-දෙමළ වර්ගවාදී යුද්ධයේ දකුණේ සිංහල ඒකමානීය කියවීම නම්, දෙමළා විසින් යුද්ධය අවුළුවන බවත්, ප්‍රභාකරන් ඇතුළු සකල දමිළ ජනයා ත්‍රස්තවාදීන් හෝ ඊට උල්පන්දම් දෙන්නන් බවත්ය. මේ අර්බුධයේ පීඩිතයෝ සිංහලයෝ පමණක් ම යැයි නම් කෙරුණෝය.
කුමාරිගේ කෙටි කරපු දිග කතා කතා සිංහලෝත්තම කියවීමෙන් මෙන් ම දමිළෝත්තම කියවීමෙන් ද මඟ හැරුණු පීඩිත මනුෂ්‍යත්වය පිළිබඳ කියවීමක් වන්නේය. දෙමව්පියන් අහිමි දරුවන්, දරුවන් අහිමි දෙමව්පියන්, සැමියා-බිරිඳ එකිනෙකාට අහිමිව ඕපපාතිකයන් සේ හසරක් නොමැතිව දිවි ගෙවන තිත් වැනි චරිත මේ කෙටිකතා අතර සැඟව සිට හිස පොවයි. මැදි වයසවත් පසු නොකළ මැහැල්ලන් මෙන් ම යොවුන් වියවත් ඉක්ම නොවූ මව්වරුන් ද ඇතුළුව යුද්ධයේ වියරු හස්තයෙන් අතවරයක ලක් වූ චරිත සිය ගණන් පිටු දෙසියතිහක් පුරාවට අපට හමු වෙයි.
සිංහල රජයත්, ප්‍රභාගේ පිලත්, කරුණාගේ පිලත් නොනවතින සටනක නිරතව සිටිද්දී නින්ද අහලකවත් නොවූ අත්හැර දැමූවෝ දිවි රැක ගැන්මට නොනවතින ගමනක යෙදී සිටියෝය. සිය ගම්බිම් දමා ඇඳිවතින් පමණක් ක්ෂේම භූමි සොයා පැමිණියන්ට නවතින්නට වූයේ ගිනියම් වූ ශුෂ්ක මුඩු බිම්වලය. එක මවගෙ දරුවන් දෙපිලක අවි ගෙන එකිනෙකාට එදිරිව නංවමින් තිබුණි. මව්වරුන් සහ දරුවන් කෙටිකරන ලද දිගු කතාව එවැනි පුවතක් හෙළි කරයි.
“දුවව එල්ටීටීඊ අරන් ගියා. පුතාව කරුණා අරන් ගියා. එතකොට ගහගන්නේ ඔයාගෙම දුවයි පුතයි නේ?”
සයිමන් නවගත්තේගමගේ සාපේක්ෂණී උපුටමින් කෘතිය අරඹන්නී ඉහත කියුමට කදිම දේශපාලන විවරණයක් සපයන්නීය. ඒ මෙසේය.
“පළමුවන ශක වර්ෂයේ දී මහා යුද්ධයක් විය. ශක රාජයෝ ද, ආරණ්‍ය සේනාපතීහු ද, බිහිසුණු සේ යුද වැදුණහ. ඔවුන්ගේ අශ්වකුරයෙන් සියලු කෙත් වතු පාළු විය. ඉන් පසු ගොවීහු මෙසේ ඇසූහ. ‘කවුරුන් සඳහා වන්නේ ද මෙම මහා යුද්ධය?’ ‘ඔබ සඳහා’ යැයි දෙගොල්ලෝ ම හඬ නගා පිළිතුරු දුන්හ. ‘අනාගතයේ ද අප වැනි වීර පුරුෂයෝ ඔබ සඳහා නියතයෙන් ම බිහි වන්නෝය.’ ”
මේ ආකාරයට රාජ්‍ය නමැති සංස්ථාව විසින් පාලන යාන්ත්‍රණය පවත්වාගෙන යාම සඳහා මවාපාන ජාතික ප්‍රශ්නය වනාහී කිසිදු ජීව විද්‍යාත්මක පදනමකින් සනාථ නොකළ හැකි ආක්‍රමණශීලී, භාව ගෝචර ප්‍රබන්ධයක් ම වන්නේය. මෙහි එක් කතාවක මතෘකාව වනුයේ, හේමලතා රත්නායක ජාතිය; සිංහල, මව්බස; දෙමළ යි. ප්‍රබන්ධ කතාවලට හා රොමැන්ටික් චිත්‍රපටවලට විෂය වන වාර්ගිකත්වයන් විනිවිදින පෙම් සබඳතාවලින් ඔබ්බට ගිය බර යථාර්ථයක් මේ කතා සතුය. රත්න ශ්‍රී ලියූ ‘සිංහල සින්දු කියන - නළලේ තිලක තියන කිරිල්ලියේ...’ ප්‍රස්තුතය ද අභිභවූ ඛේදාන්තය මෙහි වෙයි.
මේ සියලු කතා සත්‍ය වුව ද, ප්‍රබන්ධ වුව ද, සත්‍යයත් ප්‍රබන්ධයත් අතර වුව ද අවධාරණය කළ යුතු වැදගත් ම කාරණය නම් නිර්මාණාත්මක ගුණයයි. ප්‍රබන්ධිත භාෂාවයි. සාහිත්‍යමය ලේඛනයක අන් කවර කාරණාවක් වුව සරු වන්නේ බසේ මහිමයෙනි. මෙහි භාවිත බස ඒ කරුණ නොපිරිහෙලා ඉටු කරයි. අරසන් හෙවත් අප්පු, සිත්තාන්ඩි, ලොකු එකා හඳ දැක්කෙ නෑ, වෙලා තිනෙවා නම් අහන්න....(වෙලා තිනෙවා නම්), ගෙදර ආපු කොණ්ඩෙ කපපු ළමයි, අපිත් ආසයි සිංදු අහන්න ආදී කතාවල එන නම් පවා රූපකාර්ථවත්ය.
යුද්ධය පිළිබඳ නිර්මිත බොහෝ කලා කෘති පාර්ශ්වීය වෛරයන් හා අනුකම්පාවන් නිර්මාණය කරන අතර එහි කාර්යභාරය එතෙකින් නිම කරයි. ධනවාදය විසින් කිරි පොවා නඩත්තු කරන යුද්ධයට බර්ටෝල් බ්‍රෙෂ්ට් තරම් එදිරි වූ තවත් කලාකරුවෙක් නැත්තේය. බ්‍රෙෂ්ට් සෑම විට ම සිය ප්‍රේක්ෂකයා බුද්ධිගෝචර කරන්නට උත්සහා ගනිමින් තදාත්මීකරණයෙන් දුරස් කරන ලද වින්දනයක් ප්‍රේක්ෂකයා වෙත ප්‍රදානය කළේය. එසේ වුවත් පරපෝෂිත යුද්ධයේ සළු ගැලවීමට ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ නාට්‍යය ඔස්සේ බ්‍රෙෂ්ට් ගත් උත්සහායන් සියල්ලක් ම ප්‍රේක්ෂකයා ඒ කෙරෙහි බඳවමින් ම නිමාවිය. ඔහු කොතෙක් උත්සහා කළ ද ප්‍රේක්ෂාව නාට්‍ය කෙරෙහි බැඳෙනවා විනා ගැළවීම කළ නොහැකි විය. ඒ තරමට යුද්ධය පිළිබඳ අත්දැකීම් මානව හදවත් ප්‍රකම්පිත කරවන්නට සමත්ය. මේ කෘතිය ද සෑම දුර රූපයක් ම සමීප රූප ඔස්සේ ඡේදනය කරමින් යුද්ධයේ මඟහැරුණු කතා පාඨකයා වෙත ගෙන එන්නේ උනුන්ගේ භාව පථයන් දවමින්ය.
කෙටි කරපු දිග කතාවල රසය අනිර්වචනීයය. භාෂාවට නැගිය නොහැකි තරම් හැඟීම් සමුදායක් සංකල්ප රූප බහුල බස්වහරකින් ඉදිරිපත් කිරීමට කුමාරි කුමාරගමගේ සමත්ව ඇත්තීය. ඊට ම නොදෙවෙනිව කතාවක් පාසා දක්නට ලැබෙන සංකේතීය සිතුවම් ද කතාවේ නොකියවුණු මානයන් විග්‍රහ කරන්නට සමත් ය.

Comments
Post a Comment